27 C
Galle

මන්නාරමේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

Published:

මන්නාරම දිස්ත්‍රික්කයේ, අඩම්පන් පොලිස් වසමේ, මුල්ලිකණ්ඩල් ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද (24) අලුයම මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනකුට මෙලෙස වෙඩි තබා ඇති අතර දෙදෙනා ම එම ස්ථානයේ මියගොස් සිටිති. මෙලෙස මියගොස් ඇත්තේ පල්ලිමඩු පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු සහ උලියන්කුලම පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න හෝ වෙඩි තැබීමට හේතුවක් හෝ මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!