27 C
Galle

පාර්ලිමේන්තුවේ අනංගයන් ගැන වාර්තාව කඩිනමින්

Published:

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට, ලිංගික හිංසන සිදුකරන ලදැයි කියන තවත් සේවකයන් කිහිප දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුව විසින් කරන ලද විමර්ශනයේ වාර්තාව ඉදිරි සතියේ දී පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර වෙත බාරදීමට නියමිතය.

දැනටමත් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ නවතා ඇත. මෙම අංශයේ සිදුවන ලිංගික හිංසනවලට සේවකයන්ගේ උදව් ලැබී ඇතැයි ද සේවිකාවන්ගේ සාක්ෂිවලින් අනාවරණය වන බව ද වාර්තා වේ.  මෙම පරීක්ෂණ වාර්තාව සමබන්ධයෙන් කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවටද කරුණු ඉදිරිපත් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ මෙවැනි කටයුතු වැළැක්වීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය  විසින් විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. සිද්ධියට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය  පසුගියදා ප්‍රකාශ කළාය.

Related articles

spot_img
error: Content is protected !!