30.9 C
Galle

දුම්රියක ගින්නක්, මගීන් 10ක් මරුට

Published:

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරායි දුම්රිය ස්ථානයේ දී දුම්රියක හටගත් ගින්නක් හේතුවෙන් 10 දෙනකු මියගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ගිනිගෙන ඇත්තේ මුදල් ගෙවා ආසන වෙන්කරන මැදිරියක ය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් සිට පැමිණි පිරිසක් බව ද පැවසේ.

මාධ්‍ය වාර්තා පවසන්නේ ගැස් සිලින්ඩරයක් පිපිරීමෙන් දුම්රිය මැදිරියේ ගින්න හටගෙන ඇති බවයි. එම ගෑස් සිලින්ඩරය මැදිරියේ සිටි මගීන් විසින් හොර රහසේම රැගෙන විත් ඇතැයි ද දුම්රිය බලධාරීන් සැකකරයි.

Related articles

spot_img
error: Content is protected !!