27.4 C
Galle

“ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් කරදරයි“ තරුණියක සමඟ පැන ගිය මෙහෙණින් වහන්සේලා කියති

Published:

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙනෙහි මෙහෙණි ආරාමය සිට අඅතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් මෙහෙනින් වහන්සේලා තිදෙනා  නුවරඑළිය පොලිසිය මගින් මඟින් සොයාගෙන ඇත.

වයස අවුරුදු  12, 15 18  යන වයස්මෙවල   පසුවු  මෙම   මෙහෙණින් වහන්සේලා තිදෙනා පසුගිය 24 වැනි දා ආගිය අතක් නැතියි ද, මහණවීමට පැමිණ සිටි වෙනත් තරුණියක සමඟ ඔවුන් පළායන්නට ඇතැයි ද මෙහෙණි ආරාමයේ නායක මෙහෙණින්වහන්සේ විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබිණි.

මෙලෙස පළාගිය 32හැවිරිදි තරුණිය සහ මෙහෙණින් වහන්සේලා තුන්දෙනා නුවරඑළියේ නිවසකට පැමිණි අවස්ථාවේ දී එම නිවෙස් හිමියන් විසින් නුවරඑළිය පොලිසියට ගෙන ගොස් ඊයේ (26) සවස බාර දී තිබිණි. ඔවුන් පවසා ඇත්තේ ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේගේ කරදර නිසා මෙම තරුණිය සමඟ පැමිණි බවයි.

මෙම තරුණිය සහ මෙහෙණින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය විසින් මිනුවන්ගොඩ පොලිසියට බාර දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!