27.4 C
Galle

පාසල බල්ලන්ට දෙයි. දරුවන්ට නිවාඩු

Published:

බලු මැක්කන් හේතුවෙන් බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය අද (28) සහ හෙට (29) දෙදින වසා තැබීමට තීරණය කර තිබේ.

එම පාසලේ විදුහල්පතිනි තමරා කුමාරි කියා සිටියේ ප්‍රාථමික අංශයේ සිටින බලු මැක්කන් සහ ඉතාමත කුඩා වැලි මැක්කන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් කර එම සතුන් මර්ධනය කිරීමට රසායනික ද්‍රව්‍ය යොදා ඇති බව ද විදුහල්පතිනිය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් බලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සංජීව ද සිල්වා අදහස් දක්විමන් කියා සිටියේ පාසල වසා දමන්න යැයි නිර්දේශ නොකළ බවයි. පාසලේ පැටවුන් සමග බැල්ලියක් සිටින බවත් මෙම බැල්ලිය පාසලෙන් ඉවත්කරන තුරු මැක්කන් ප්‍රශ්නය අවසන් නොවන බවත් හෙතෙම කියා සිටියේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ මීට ඉහත දී ද බලපිටිය රේවත ජාතික පාසලේ බලු මැක්කන් ප්‍රශ්නයක් නිසා බෙහෙත් යොදා මැක්කන් මර්ධනය කිරීමට පියවර ගත්තත් නැවත එම ගැටලුව ම ඇති වී තිබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!