අද (23) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 1.6ක් ගනුදෙනු වූ සම්පත් බැංකුව රුපියල් මිලියන 233ක පිරිවැටුමක් වාර්තා කරමින් අද දින සමාගම් අතර වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 12,581ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1323ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 36ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,085ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 233
- ඩිප් ප්‍රොඩක්ට් සමාගම මිලියන 189
- ඊ බී ක්‍රීසි සමාගම මිලියන 108
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 46
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 04
- ඊ බී ක්‍රීසි සමාගම කොටස් මිලියන 03
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම 10%
- මර්චන්ට් ෂිපින් සමාගම 07%
- ඇග්ස්ටා එක්ස් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 431
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 337
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 335
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 10 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 12ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 02ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 07
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩිප් ප්‍රොඩක්ට් සමාගම රුපියල් මිලියන 09
- විදු ලංකා සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



