27.4 C
Galle

ගුරු, විදුහල්පති වැටුප් ප්‍රශ්නය කිසිදා විසඳිය නොහැකියි

Published:

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය තම ජීවිත කාලයේ දී විසඳිය නොහැකියැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (28) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

ඔහු පවසන්න මෙම ගැටලුව 1994 වර්ෂයේ සිට පවතින බවයි. එය විසඳීම සඳහා මෙතෙක් පත්ව සිටි සියලු අධ්‍යාපන අමාත්‍යවරු උත්සාහ ගත්ත ද එය අසාර්ථක වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැටුප් ගැටලුව විසඳීමේ දී එක් පිරිසකගේ වැටුප් වැඩිකිරීමට තීරණය කළ විට අනෙක් කණ්ඩායම තම වැටුප් ප්‍රමාණවත් නැතැයි කියමින් ඊට එරෙහිවීම දිගින් දිගටම සිදුවන බැවින් ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය නොවිසඳෙන ප්‍රශ්නයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!