28 C
Galle

ගාල්ලෙන් සොයාගත් මාරාන්තික රෝගය, කොළඹින් මතුවෙයි

Published:

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් රෝගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පුද්ගලික ආයතනයක සේවයේ නිරත ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු මෙනින්ගොකොකල් ආසාදිත බව හඳුනාගෙන ඇත.

හදිසි උණ තත්වයක් හේතුවෙන් කොතලාවල විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් වූ පසු සිදුකරන ලද පරීක්ෂණවලින් ඔහු මෙනින්ගොකොකල් රෝගියකු බව තහවරු කරගෙන තිබේ. මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද සෞඛ්‍ය රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

මේ වනවිට ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයන් 30 දෙනකුට පමණ ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!