28 C
Galle

සයිනොපෙක් වෙළඳ පොළට එද්දී, රජය ඉන්ධන මිල වැඩි කරයි

Published:

ඉන්ධන මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 13.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361.00ක් ලෙසිනි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417.00ක් ලෙසිනි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341.00ක් වන අතර ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 1.00කින් ඉහළ දමා ඇති බැවින් එහි නව මිල රුපියල් 359.00කි.

භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 5.00කින් ඉහළ දමා ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 231.00කි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සංශෝධනය අනුව ලංකා අයිඕසී ඉන්ධන මිල ද ඊට සාපේක්ෂව ඉහළ දැමීමට නියමිතය.

චීනයේ සයිනොපෙක් සමාගම ඊයේ (31) මෙරට ඉන්ධන අළෙවි කටයුතු ආරම්භ කළ අතර ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයිඕසී සමාගම ඉන්ධන අළෙවි කරන මුදලට වඩා එක් ලීටරයකින් රුපියල් 3.00ක් අඩුවට ඉන්ධන නිකුත් කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!