28.1 C
Galle

මහබැංකු අධිපතිට, ජාත්‍යන්තරයේ ඉහළ තැනක්

Published:

ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  නම් කිරීමට ග්ලෝබල් ෆයිනෑන්ස් සමඟවරාව කටයුතු කර තිබේ. 2023 වර්ෂයේ ප්‍රගති වාර්තාවට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහට A- ශ්‍රේණිගත කිරීමට හිමිව තිබේ.

ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ප්‍රගති වාර්තා සටහනේ ලෝකයේ සිටින මහ බැංකු අධිපතිවරුන්ට A ශ්‍රේණියේ සිට F ශ්‍රේණිය දක්වා ශ්‍රේණිගත කිරීම් ලබා දී තිබේ.

එහි ඉහළම ශ්‍රේණිය A+,A,A- ලෙස කාණ්ඩ තුනකට වෙන්කර ඇත.

මෙම ප්‍රගති වාර්තා වේ ඉහළම ස්ථාන තුන ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රී ශක්ති කාන්ත දාස්, ස්විස්ටර්ලන්තයේ මහබැංකු අධිපති තෝමස් ජේ ජෝර්ඩන් සහ වියට්නාමයේ මහ බැංකු අධිපති ති හොංග් පත්ව සිටිති.

Related articles

spot_img
error: Content is protected !!