28.1 C
Galle

සංචාරකයෙක්, හෝටලයක දී යකා නටයි

Published:

සංචාරකයකු තමන් ලැඟුම් ගෙන සිටි හෝටලයේ හිමිකරුට පිහියෙන් ඇන, කාමරයේ ඇඳට ගිනි තබා එම ගින්නට පැන ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

වැලිගම, කුඹල්ගම, කුරුදුවත්ත ප්‍රෙද්ශයේ සංචාරක හෝටලයක මෙය සිදුව ඇත. සංචාරකයා පිළිස්සුම් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස කලහකාරී ලෙස කටයුතු කර ඇත්තේ 33 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙකි.

ඔහු වසර තුනක පමණ කාලයක් මෙම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිටි බවත්, පසුගිය මාසයේ හෝටලයට ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට මෙලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බවත් පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!