27.2 C
Galle

ලිට්‍රෝ ගෑස් රුපියල් 900.00කින් ඉහළට ?

Published:

ලිට්‍රෝ සමාගම මගින් අළෙවි කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 900.00කින් වැඩිවනු ඇතැයි එම සමාගමේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට අනුව මිල සූත්‍රයට අනුව එවැනි මිලකින් වැඩිවීමට නියමිතය.

ලිට්‍රෝ සමාගමේ සබාපති මුදිත පීරිස්ගෙන් මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ ගෑස් මිල සංශෝධනය හෙට (04) දිනයේ තීරණය කරන බවයි. කෙසේ වෙතත් මිල වැඩිකිරීමට සිදුවුව ද තවමත් එම ප්‍රමාණය තීරණය කර නැතැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය අගෝස්තු මස 04 වැනි දා ගෑස් මිල වැඩිකිරීමට නියමිතව තිබුණත් පාරිභෝගිකයන් පත්වන අපහසුතාව හේතුවෙන් එසේ නොකළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!