28.1 C
Galle

ලිට්‍රෝ ගෑස් නව මිල මෙන්න

Published:

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ. මිල සූත්‍රය අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 900.00කින් පමණ වැඩි විය යුතු යැයි සමාගම පැවසුව ද පාරිභෝගිකයන් පත්වන අපහසුතාව හේතුවෙන් කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල වැඩිකර ඇත්තේ රුපියල් 145.00 කිනි. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,127.00ක් වෙයි.

කිලෝග්‍රෑම් 05 ක සිලින්ඩරයක මිල රුපියල් 58.00 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 26.00 කින් ද, ඉහළ දමා ඇත.

ඒ අනුව, මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 05 ක සිලින්ඩරයක මිල රුපියල් 1,256.00 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587.00ක් දක්වා ද වැඩි වූ බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!