28.1 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 21,731ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,275ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 121ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,353ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කැපිටල් එලායන්ස් රුපියල් මිලියන 585
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරිස් රුපියල් මිලියන 204
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 198

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කැපිටල් එලයන්ස් සමාගම කොටස් මිලියන 07
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරිස් සමාගම කොටස් මිලියන 05
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම 25%
  • කෙන්සි ඩිවෙලොප්මන්ට් සමාම 16%
  • ‍සතොස මෝටර්ස් සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සෙලාන් බැංකුව (X) කොටස් 500,000ක් රුපියල් 43.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 271
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 261
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 84ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 44ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 40ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් එන්ජීටී සමාගම රුපියල් මිලියන 28
  • සිනමන් ග්ලාස් සමාගම රුපියල් මිලියන 12
  • ලංකා අයිඕසී  සමාගම රුපියල් මිලියන 11

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හේමාස් සමාගම රුපියල් මිලියන 09
  • පීපල්ස් ලීසිං රුපියල් මිලියන 08
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!