28.1 C
Galle

මුහුදුබඩ දුම්රිය ධාවනය නවතී

Published:

බේරුවල සහ පයියාගල අතර මාගල්කන්ද ප්‍රදේශයේ දී පස් කණ්ඩියක කොටසක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් ඊයේ (06) රාත්‍රී මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටටුවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රාත්‍රී 9.30ට පමණ මෙම පස් කණ්ඩිය කඩාවැටීම හේතුවෙන් ඊයේ රාත්‍රී 7.30ට කොළඹින් ගාල්ල දක්වා ධාවනය ආරම්භ කළ රාත්‍රී තැපැල් දුම්රියත් 7.50ට ධාවනය ආරම්භ කළ අලුත්ගම දක්වා වූ මන්දගාමී දුම්රියත් පයියාගල දුම්රිය ස්ථානයේ නතර කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!