27.9 C
Galle

ශ්‍රී ලංකාව ආසන්නයේ ම ප්‍රබල භූමිකම්පාවක්

Published:

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ අද (11) අලුයම 1.30ට රිච්ටර් මාපක 4.65ක භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳන් කරයි.

මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ මඩකලපුව වෙරළට කිලෝ මීටර 310ක් ඈත මුහුදු ප්‍රදේශයේ මහුදු පත්ලේ වන අතර එහි අපි කේන්ද්‍රය මුහුදු පතුලේ සිට කිලෝ මීටර 70ක් ගැඹුරින් පිහිටා ඇත. එම භූමිකම්පාව රිච්ටර් මාපක 4.65ක ප්‍රභලත්වයකින් යුතු බැවින් සුනාමි අවදානමක් නොමැති බව ද භූවිද්‍යාඥයෝ කියති.

මෙම භූමිකම්පාව පිළිබඳ ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ වෙබ් අඩවියේ සටහන්ව නැතත් ඉන්දියාවේ භූ කම්පන මානවල සඳහන්ව ඇති බව ද භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

මෑතක දී ශ්‍රී ලංකාව ආසන්නයෙන් ම වාර්තා වූ ප්‍රබලම භූමිකම්පාව මෙයයි.

සුනාමි තත්වයක් ඇතිවීමටනම් රිච්ටර් මාපක 7.0 ඉක්මවූ භූමිකම්පාවක් සිදුවිය යුතු අතර. එහි අපිකේන්ද්‍රය මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් පිහිටා තිබිය යුතුය. එමෙන් ම භූමිකම්පාව පොළොවේ සිරස් අතට සිදුවිය යුතුය. භූ විද්‍යාඥයන් පවසන්නේ එම කරුණු තුනම සම්පූර්ණවන්නේ ඉතාමත් කලාතුරකින් බවයි.

Related articles

spot_img
error: Content is protected !!