30.9 C
Galle

ගංවතුරින් 2,300ක් මරුට 10,000ක් අතුරුදන්

Published:

ගංවතුර හේතුවෙන් ලිබියාවේ පුද්ගලයන් 2,300ක් මියගොස් තවත් පුද්ගලයන් 10,000ක් පමණ අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඩැනියෙල් කුණාටුවේ බලපෑමෙන් මේ ගංවතුර තත්වය ඇති වී තිබේ.

අතුරුදන් වූ පුද්ගලයන් සොයා සහන සේවකයන් දැඩි පරිශ්‍රමයකින් මෙහෙයුම් කටයුතු සිදුකරමින් සිටින බව ද වාර්තා වේ.

මෙම ගංවතුරෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ලිබියාවේ ධර්නා නගරයට ය.

ධර්නා නගරයේ, වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටී නගරය සම්පුර්ණයෙන්ම යට වී ඇති බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!