27.3 C
Galle

කාන්තාවගෙග් හිසත්, අතත් වෙන්කර බෑගයක දමා විසිකරලා

Published:

හිස සහ වම් අත සිරුරෙන් වෙන්කර ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හේවාහැට, රොක්වුඩ්වත්ත පදිංදිව සිටි කුරුපයියා සීට්ටු නැමති 70 හැවිරිදි කාන්තවකි.

මතුරට පොලිසිය පවසන්නේ මියගිය කාන්තාවගේ පුතා පොලිසියට පැමිණ පසුගිය 06 වැනි දා සිට තම මව අතුරුදන්ව ඇතැයි පැමිණිල්ලක් කර තිබූ බවයි. ප්‍ර‍දේශවාසීන් සමඟ එක්ව ඇය පිළිබඳ සොයා බැලීමේ දී ඔකඳගල ගල්කන්ද අසළ තිබී මළ සිරුර සොයාගෙන ඇත.

පොලිසිය පවසන්නේ වෙන්කරන ලද හිස සහ වම් අත ගමන් මල්ලක දමා ඒ මළ සිරුර ආසන්නයේ තිී සොයාගෙන ඇත.

පොලිසිය පවසන්නේ කිසියම් පුද්ගලයකු විසින් මෙම කාන්තාව ඝාතනය කර ඇගේ හිස සහ අත කඳින් වෙන්කර බෑගයක දමා කන්ද පාමුලට විසිකර දමන්නට ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්දයෙන් මතුරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!