27.3 C
Galle

තාත්තාට තැබූ වෙඩිල්ලෙන්, සය හැවිරිදි දියණිය මරුට

Published:

කොළඹ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අසළ දී අද (17) සවස සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගත කළ වයස අවුරුදු 06ක ගැහැනු දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ මෙම වෙඩි තැබීමේ ඉලක්කය වී ඇත්තේ මියගිය දැරියගේ පියා බවයි. එම පියා ද තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තුවාල ලබා සිටින එම පුද්ගලයා ඝාතන සිදුවීමක ප්‍රධාන සැකකරුවකු බවයි. ඔහු ත්‍රී රෝද රථයකින් බිරිඳ සහ දියණිය සමඟ ගමන්කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පළාගොස් ඇත.

සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!