27.3 C
Galle

උණවටුනේ දී විදෙස් කතකට අතවර කරලා

Published:

සම්බාහන සේවා ලබාගැනීමට පැමිණි 38 හැවිරිදි විදෙස් කතකට අතවර කළා යැයි චෝදනාව මත උණවටුන යද්දෙහිමුල්ලේ සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරු සහ සේවකයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

එම සම්බාහන මධ්‍යස්ථානය විදේශිකයන්ට සම්බාහන සේවා සපයන ආයතනයකි. අයර්ලන්ත ජාතික 38 හැවිරිදි කාන්තාව ඊයේ (16) එහි පැමිණ සම්බාහන සේවා ලබාගනිමින් සිටිය දී එම මධ්‍යස්ථානයේ හිමිකරු සහ සේවකයකු තමන්ට අතවර කළ බව එම කාන්තාව විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය පවසන්නේ ලිංගික අතවර කිරීම සහ අතවර කිරීමට ආධාර අනුබලදීම යන චෝදනා මත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!