27.3 C
Galle

පොහොට්ටු මන්ත්‍රීට, තුවාල නොවෙන්න වෙඩි තියලා

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන්ගත් මෝටර් රථයට අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ දී වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ නළුවෙකි. ඔහුගේ පියාගේ නිවස අසළ දී මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි පොලිසිය කීවේය. මන්ත්‍රීවරයා නිවසට පැමිණෙමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇතැයි ද වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ ඔහු සමඟ සිටි කිසිවෙකුට තුවාල සිදුවී නැතැයි ද දැනගන්නට ඇත.

විමල්  වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ උද්දික ප්‍රේමරත්න මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරයි.

Related articles

spot_img
error: Content is protected !!