30 C
Galle

ජනාධිපතිගේ ගමන් බිමන් සියල්ල නීති විරෝධීයි

Published:

ජනාධිපති කාර්යාලයේ ඇති අධිආරක්ෂිත සහ අනුරූප රථ මෙතෙක් මාර්ගවල ධාවනය කර ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

විගණන වා්රතාව පෙන්වා දෙන්නේ අධි ආරක්ෂිත රථ 13ක් ඇතුළු වාහන 28ක් රක්ෂණය කර නොමැති බවයි. එම එක් වාහයක වටිනාකම රුපියල් කෝටි 25-30ත් අතර ප්‍රමාණයක් වන බැවින් රක්ෂණ වාරිකය වර්ෂයකට රුපියල් කෝටි 02ක් පමණ වන බැවින් එවැනි පිරිවැයක් දරාගත නොහැකිවීම හේතුවෙන් රක්ෂණය නොකළ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුවට දන්වා යවා ඇත.

රටේ පවතින නීතිරීතිවලට අනුව කටයුතු නොකරන්නේ නම් එම අවශ්‍යතා සැපිරීමට විකල්ප ප්‍රතිපත්තිමය තීරණ හඳුන්වා දිය යුතු විගණකාධිපති වාර්තාව මගින් නිර්දේශ ලබා දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!