30.4 C
Galle

රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්

Published:

රියදුරු බලපත්‍රය සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගැනීමේදී ජනතාවට වේලාව වෙන්කර ගැනීමේ පහසුකම තවදුරටත් පුළුල් කරමින් නව දුරකථන අංකයක් හඳුන්වා දීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාල්ල ශාඛාව පියවර ගෙන තිබේ.

ඒ අනුව 2026 සැප්තැම්බර් 24 වැනිදා සිට 0912 10 20 21 යන දුරකථන අංකය ඔස්සේ වේලාව වෙන්කර ගැනීමට හැකියාව ලැබේ.

එමෙන්ම ntmi.lk වෙබ් අඩවිය ඔස්සේද අවශ්‍ය දිනය හා වේලාව තෝරාගෙන කලින් වේලාව වෙන්කර ගැනීමේ පහසුකම පවතින බව එම ආයතනය දැනුම් දෙයි.

මෙම සේවාව මගින් රියදුරු බලපත්‍රය සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කලින් වේලාවක් වෙන්කරගෙන සේවාව ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර,වෙලාව වෙන්කර ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරයි.

ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ වෙන්කරගත් දිනයේ වෛද්‍ය පරීක්ෂණයට නොපැමිණියහොත් එම වේලාව ස්වයංක්‍රීයව අවලංගු වන බවයි. එසේම දැනටමත් වේලාවක් වෙන්කරගෙන ඇති පුද්ගලයකුට එය අවලංගු නොකර නව වේලාවක් වෙන්කර ගැනීමට නොහැකි බවද සඳහන් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!