30 C
Galle

නීතිඥ සංගමයෙන්, ආණ්ඩුවට දැඩි විරෝධයක්

Published:

සමාජ මාධ්‍ය නියාමනයට ගෙන ආ පනත සහ ත්‍රස්ත විරෝධී පනත වහාම හකුළාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට දැනුම් දීමට තීරණය කර තිබේ.

මෙම පනත් දෙක මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ආණ්ඩුව මෙම පනත් ගෙන ඒමෙන් මානව නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීති‍යේ ආධිපත්‍යයට දැඩි සේ බලපාන බව ද එම සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ පාර්ශවයන්ගේ කිසිඳු අදහස් විමසීමකින් තොරව, මෙම පනත් කෙට්මුපත් කර ඇති බවත් මෙලෙස සමාජයට බලෑම් එල්ල කළහැකි පනත් හදුන්වාදීමට පෙර අදාළ පාර්ශව සමග හරවත් සංවාදයක් ඇති කරගැනීම වැදගත් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. 

Related articles

spot_img
error: Content is protected !!