30 C
Galle

සෞඛ්‍ය ඇමතිධූරය දොස්තර රමේෂ්ට, කෙහෙළිය ඉල්ලා අස්වෙයි ?

Published:

නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ පත්කරනු ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

‍රමේෂ් පතිරණ මේ වනවිට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරමන් සිටියි.

සෞඛ්‍ය අමාත්‍යධූරයේ මේ දක්වා කටයුතු කරමින් සිටින කෙහෙළිය රඹුක්වැල්ල ලබන 30 වැනි දා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට නියමිතය. ඔහු සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැත්වූ සාකච්ඡාවකින් පසු ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර කැබිනට් අමාත්‍යධූර කිහිපයක් වෙනස් වීමට නියමිත බව දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!