30 C
Galle

වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ ගැටලු

Published:

පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුනේ බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන 27 වැනි දා සිට ඔක්තෝබර් 02 වැනි දා දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

එබැවින් බස්නාහිර පළාතෙන් ආදායම් බලපත්‍ර ලබාගෙන සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 10 වැනි දා දක්වා අතරතුර කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් 10 වැනි දා දක්වා දඩ ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතී.

මේ අතර www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!