27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 8,068ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 550ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,216ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 139
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 25
  • යුනියන් ඇෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 23

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම්  කොටස් මිලියන 03
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 2.1
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 1.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේණුක හෝල්ඩින්ස් සමාගම (X) 07%
  • කප්රුක සමාගම 06%
  • රේණුක හෝල්ඩින්ස් සමාගම 05%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 352,000ක් රුපියල් 190.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 266
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 197

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 25ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 12ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 13ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආ‍යෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 19
  • හැටන් ප්ලාන්ටේෂන්ස් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 05
  • ඕවර්සීස් රියලිටි සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!