29.4 C
Galle

ගිං ගඟ පිටාර මට්ටමේ, අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Published:

දින කිහිපයක සිට ගිං ගඟේ පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වනවිට ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත්කර ඇත.

වැලිවිටිය-දිවිතුර, බද්දේගම, නියාගම, නෙළුව, තවලම, අක්මීමණ, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගිං ගඟ ආසන්න පහත් බිමි ප්‍රදේශවලට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බබවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවන ලෙසත්, පහත්බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඡායාරූපය – උපුල් මහේෂ් ද සිල්වා

Related articles

spot_img
error: Content is protected !!