27.5 C
Galle

ගංගා දෙගොඩතලා යාමට ආසන්නයේ

Published:

මහ වැසි හේතුවෙන් ගිං, නිල්වලා, කැලණ, කළු, බෙන්තර සහ පොල්අත්මෝදර යන ගංඟා සහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති බවත් තවදුරටත් වැසි ඇතිවුවහොත් ගංවතුර අවදානක් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ නිරිතදිග සහ කඳුකර ප්‍රදේශවලට දැන් දින කිහිපයක සිට මහ වැසි පතිත වෙමින් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර පවසන්නේ මේ අවදානම් තත්වය හේතුවෙන් ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

පසුගිය දින කිහිපය මුළුල්ලේම දිවයිනේ බස්නාහිර, දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක, සබරගමුව හා මධ්‍යම පළාත්වල බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුන අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගලාබසින ගංගාවන් ගණනාවක් ගංවතුර තත්ත්වයකට ලක් වුණා. මේ ගංවතුර තත්ත්වය ඇතැම් ප්‍රදේශවලදී තවදුරටත් පවතින බව කියන්න ඕන. අද දිනය පුරාමත් පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් වර්ධනවීම් සිදුවෙන්න පුළුවන්.”

නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාතර, දෙවිනුවර සහ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් සියල්ල ජලයෙන් යට වී ඇති අතර ගඟ ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.

ගිං ගඟ සහ කළු ගඟ ද්‍රෝණියේ තත්වය ද ඒ හා සමානය. සියලු පහත් බිම් ජලයෙන් යට වී ඇති අතර තවත් වැසි ඇදහැ‍ළුණහොත් ගංවතුර තර්ජනය වර්ධනය වනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!