27.6 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 11,213ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 854ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 128ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,034ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 284
  • කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 85
  • ඩිස්ටිලරීස් සමාගම රුපියල් මිලියන 27

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම්  කොටස් මිලියන 2.5
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 02
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 1.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • නේෂන්ස් ලංකා සමාගම 25%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 257
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 196

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 250ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 53ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 197ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 152
  • ඩිස්ටලරීස් සමාගම  රුපියල් මිලියන 19
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඊඩ්න් හෝටල් සමාගම රුපියල් මිලියන 2.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!