31.6 C
Galle

ගෑස් වැඩි වෙන්නේ මෙහෙමයි

Published:

ලිට්‍රෝ සමාගම විසින් අළෙවි කරනු ලබන ගෘහස්ථ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 343.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,470.00 වෙයි.

කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 137.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,393.00ක් වෙයි. කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 63.00කින් ඉහළ දමා ඇති බැවින් එහ නව මිල රුපියල් 650.00ක් වෙයි.

Related articles

spot_img
error: Content is protected !!