31.6 C
Galle

පන්තියේ විදුලි පංකාවේ වැදී, සිසුවෙක් මරුට

Published:

පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ දී සෙල්ලම් කරමින් සිටි සිසුවකු මේසයක් මතට නැගීමේ දී ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවක හිස වැදීමෙන් මියගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුස්සැල්ලාව, පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචි රාජරත්නම් සන්දූෂ නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලේ සිසු සිසුවියන්ට විනෝද වීමට ඉඩ දී තිබූ අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බවත්, විදුලි පංකාවේ ගැටීමෙන් තුවාල ලැබූ සිසුවා වහුගහපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පොළ රෝහලට රැගෙන ගොස් ඇත. අසාධ්‍ය තත්වයෙන් සිටි සිසුවා එම රෝහලට රැගෙගන යන අතරතුර මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ඔහු පංතිකාමරයේ තවත් සිසුන් කිහිප දෙනකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී පුටුවක ආදාරයෙන් මේසය මතට නැග ඇත.

මේ සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!