31.6 C
Galle

මාස හතරේ දියණිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට

Published:

මාස හතරක බිළිඳියක් අපයෝජනය කළා යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව එම දැරියගේ පියා අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුට එරෙහිව පැමිණිල්ල කර ඇත්තේ ඔහුගේ බිරිඳ විසිනි.

මව තම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ දරුවා බලාගන්නා ලෙස පවසා තමා නිවසින් පිටව ගිය බවයි. නිවසේ සිට මද දුරක් යද්දී දියණිය නොනවත්වා හඬනු ඇසී යළි නිවසට පැමිණ බලන විට තම සැමියා දරුවා ලිංගික අපයෝජනයට ලක්කරනු සියැසින් දුටුබව ඇය පැමිණිලි කර තිබේ.

දරුවා සමඟ මොණරාගල පොලිසියට පැමිණි ඇය පවසා ඇත්තේ තමන් සැමියාට පහර දී දරුවා රැගෙන ආ බවයි.

ඇගේ පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!