31.6 C
Galle

මන්ත්‍රීලාගේ කරණම් ගැහිල්ල නවතී ද ?

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ මාරුකරමින් ඇමතිධූර ඇතුළු විවිධ වරප්‍රසාද ලබාගැනීම, නසීර් මොහොමඩඩ් මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුවත් සමඟ ගැටලු සහගත වී ඇත.

නසීර් මොහොමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි. පසුගිය වසරේ අයවැයිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ ද නසීර් මන්ත්‍රීවරයා අයවැයට  පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිිය හේතුවෙන් ඔහු පක්ෂයෙන් නෙරපාහරිනු ලැබිණි. එහෙත් නසීර් මොහොමඩ් ම්න්ත්‍රීවරයා පක්ෂයේ එම තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ඊයේ (05) එහි තීන්දුව ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණය පක්ෂය විසින් ඔහු නෙරපා හැරීම තහවරු කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තු මහ ලේකම්වෙත ලැබුණු පසු ඔහුගේ මන්ත්‍රීධූරයත් දැනට හොබවන පරිසර ඇමතිධූරයත් අහිමිවනු ඇත.

මෙම තීන්දුව අනුව දැනටත් විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩුපක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ වෙනත් දේශපාලන කණ්ඩායම් සහ ස්වාධීන කණ්ඩායම් සමඟ කටයුතු කරන මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රීධූරය රැකගැනීමේ ගැටලුවක් මතුවනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!