27.4 C
Galle

ගම්මාන 06ක් බිමට සමතලා වෙයි. 2,000කට වඩා මරුට

Published:

ඇෆ්ගනිස්තානයේ සිදු වූ රිච්ටර් මාපක 6.3ක භූමිකම්මපාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2,000ක් ඉක්මවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ඇෆ්ගනිස්තානයේ ත‍ලේබාන් රජය උපුටා දක්වමින් පවසයි.

නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් මේ වනවිට බිමට සමතලා වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින බවත් ඔවුන් බේරාගැනීම සඳහා සහන සේවකයන් ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.

මාධ්‍ය වාර්තා කරන්නේ ගම්මාන 06ක සියලු ගොඩනැගිලි මුළුමනින් ම බිමට සමතලා වී ඇති බවයි. වසර 20කට පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුම භූමිකම්පාව මෙයයි.

Related articles

spot_img
error: Content is protected !!