31.6 C
Galle

රත්ගම වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂක මරුට

Published:

රත්ගම අද (09) සවස සිදු වූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හිටපු පොලිස් පරීක්ෂක ඩී.බාලේන්ද්‍රසිංහ නමැති 40 හැවිරිදි අයෙකි.

ඔහු රාජකාරීයේ යෙදී සිටිය දී ඔහුට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් වසර එකහමාරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිට මිට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ සිටි බව ද පොලිසිය සඳහන් කළේය. ඔහු නඩුවකට පෙනී සිටීම සඳහා බලපිටිය අධිකරණයට ගොස් නැවත සිය නිවස වෙත පැමිණෙමින් සිටිය දී නිවස ආසන්නයේ දී ම මෙම වෙඩි තැබීමට ලක්ව ඇත. පොලිසිය පවසන්නේ නාදුනන පුද්ලයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇති බවයි.

රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!