31.6 C
Galle

දුම්වැටි හා මත්පැන් ගැන බියකරු කතාවක් අනාවරණය වෙයි

Published:

දුම්වැටි හා මත්පැන්වලින් ආණ්ඩුවට ලැබෙන ආදායම මෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව  සෞඛ්‍යය විශේෂඥයෝ පෙන්වා දෙති.

රටතුළ මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කිරීම සඳහා නිරීක්ෂණ හා නිර්දේශ ලාගැනීමට පත්කරන ලද විශේෂ කාරක සභාවට ඔවුන් මේ තොරතුරු අඩංගු වාර්තාව ඉදිරිපත් කර තිබේ.

මේ අතර මාධ්‍ය මඟින් දුම්වැටි හා මත්පැන් ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සඳහා මෙම  කාරක සභාවේ අවධානය මෙහිදී යොමුවිය.

දුම්වැටි හා මත්පැන් අලෙවියෙන් ආණ්ඩුවට ලැබෙන බදු ප්‍රමාණයන් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය හෙයින් නිලධාරීන් කැඳවීමට විශේෂ කාරක සභාව තීරණය කළේය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති මහජන ආරක්ෂණ අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

Related articles

spot_img
error: Content is protected !!