31.6 C
Galle

පැරණි පෙම්වතියගේ නිරුවත් රූප ගේට්ටුවේ ඇළවූ තරුණයා අත්අඩංගුවට

Published:

පෙම්වතිය අමනාප වූ තරහට ඇගේ නිරුවත් ඡායාරූප විශාලනය කළ එම තරුණියගේ නිවසේ ගේට්ටුවේ ඇළ වූ බව කියන පුද්ගලයකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාරිය 23 හැවිරිදි වියේ පසුවෙයි. මෙම සැකකාර තරුණයා සහ තරුණිය මහරගම පුද්ගලික ආයතනයක සේවය කර ඇති අතර ඔවුන් දෙදෙනා එකම පාසලේ ඉගෙනුම ලබා ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී තවත් විශාලනය කරන ලද නිරුවත් ඡායාරූප 04ක් සහ නිරුවත් ඡායාරූප අඩංගු ලැප්ටොප් යන්ත්‍රය් අත්අඩංගුවට ගත් බවත් කැස්බෑව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!