30.5 C
Galle

ළමයින් අතර ඇස් රෝගයක්, පාසලක පන්ති කිහිපයක් වසා දමයි

Published:

ළමයින් අතර ඇස් රෝගයක් පැතිරයන බව සෞඛ්‍ය අංශ පවසයි.

අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මෙම රෝගය මේ දිනවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් වේගයෙන් පැතිරයන බවත් එමගින් කඳුළු ගැලීම, ඇස් රතුවීම, ඇස් කැසීම යන රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවත් වෛද්‍යවරු කියති.

මෙම රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එක් අයෙකුගෙන් තවත් අයෙකුට ඉතා ඉක්මණින් බෝවිය හැකි මෙය රෝගියකුගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බෝවන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ දරුවන් අතර ද මෙම රෝගය වේගයෙන් ව්‍යාප්ත වී ඇති බැවින් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීරගේ උපදෙස් මත එම පාසලේ රෝගය පැතිර යන පන්ති දින කිහිපයක් නොපැවැත්වීමට තීරණය කර තිබේ.

විදුහල්පති මොහාන් වීරසිංහ සඳහන් කළේ 6,7 සහ 8 ශ්‍රේණිවල දරුවන් 100කට වැඩි සංඛ්‍යාවක් අතර මේ රෝග ලක්ෂණ දක්නට ලැබුණු බැවින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම්වත් කර එම පන්ති දින කිහිපයකට වසා දැමූ බවයි.  

මෙම රෝගය වැළඳුනු පසු ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග නිසිපරිදි අනුගමනය කිරීමෙන් ඔබට ඉන් ඇතිවන බලපෑම් අවම කරගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

Related articles

spot_img
error: Content is protected !!