30.9 C
Galle

ඇෆ්ගනිස්තානයේ තවත් භූමිකම්පාවක්. නිවාස රැසක් බිමට සමතලා වෙයි

Published:

ඇෆ්ගනිස්තානයේ අද (11) පෙරවරුවේ සිදු වූ තවත් භූමිකම්පාවකින් නිවාස රැසක් විනාශ වී පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේ 2,500ක පමණ පිරිසකට මරු කැඳවමින් භූමිකම්පාවක් සිදු වූ අතර එම ප්‍රදේශය ආසන්නයේ ම මේ භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ටත් ‍අද සිදුවූ භූමිකම්පාවෙන් බලපෑම් සිදුව ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තානෙය් හේරත් ප්‍රළාතට කිලෝ මීටර 25ක් දුරින් අද සිදු වූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 6.3කි.

අද සිදුවූ භූමිකම්පාවෙන් අවම වශයෙන් නිවාස 1,000ක් පමණ බිමට සමතලා වී ඇතැයි තලේබාන් රජය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!