30.5 C
Galle

අධිවේගයේ පස් කඳු කඩා වැටීමෙන් ගිලන්රථයක් සහ ගිනි නිවන රථයක් අනතුරේ. 05ක් රෝහලට

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කිලෝ මීටර 102 ආසන්නයේ සිදු වූ පස් කඳු කඩා වැටීමෙන් ගිලන්රථයක් සහ ගිනි නිවීමේ රථයක් අනතුරට ලක්ව එහි ගමන්ගත් නිලධාරීන් 05 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම පස් කඳු කඩා වැටීම හේතුවෙන් මෝටර් රථයක් අනතුරට ලක්වූ බව දැනගත් වහාම අධිවේගී  මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ගිනි නිවන රථය සහ ගිලන්රථයක් එම ස්ථානයට පැමිණ තිබේ. අනතුරට පත්ව තිබූ මෝටර රථයේ කිසිවකුට තුවාල සිදුව නොතිබුණ ද  සොයා බැලීමට එම ගිනි නිවන රථය සහ ගිලන්රථය අදාළ ස්ථානයට ලඟා වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!