30.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 9,858ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 823ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 05ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,713ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 170
  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 81
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 66

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඊඩ්න් හොටෙල් ලංකා සමාගම ® කොටස් මිලියන 8.9
  • නේෂන්ස් ලංකා සමාගම කොටස් මිලියන 5.6
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 1.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩර්ඩ්න්ස් රෝහල් සමාගම (X) 18%
  • ටාජ් හෝටලය 05%
  • හැටන් වැවිලි සමාගම 05%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 63.10 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 267
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 102ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 48ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 54ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 83
  • හැටන් වැවිලි සමාගම රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • වින්ෆෝස් සමාගම රුපියල් මිලියන 19
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 10්

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!