29.4 C
Galle

“දේවගැති ජෙරම්ට, විශේෂයක් කරන්න බෑ”- අධිකරණයේ දී කියයි

Published:

දේවගැතිවරයකු ලෙස පෙනී සිටිමින් ආගම්වලට අපහාස කළා යැයි චෝදනා එල්ල වී සිටින ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන ලබාදීමට නොහැකි බව නීතිපතිවරයා අද (16) අභියාචනාධිකරණයට දැනුම් දී තිබිණි.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරතිබූ රීට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මේ බව දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!