28.9 C
Galle

කිරිඳි ඔය ප්‍රචණ්ඩ වෙයි. දැඩි අවදානම් තත්වයක්

Published:

පැය කිහිපයක සිට පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වැල්ලවායේ සිට තණමල්විල හරහා ලුණුගම්වෙහෙර දෙසට ගලා යන කිරිඳි ඔයේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

‍මේ හේතුවෙන් වැල්ලවායෙන් පහළ කිරිඳ ඔය දෙපස ජීවත්වන අයට අවදානයෙන් පසුවන ලෙසත් ජාතික ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන් ම කිරිඳ ඔය හරහාා වැටී ඇති සපත්තු පාලම් සහිත මාර්ග භාවිතා නොකරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් තවමත් ලුණුගම්වෙහෙර ජලාශය වාන් දැමීමේ තත්වයක් නොමැති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!