27.1 C
Galle

රට පුරා රාජ්‍ය සේවකයෝ, හෙට උද්ඝෝෂණයේ

Published:

අයවැයෙන් රුපියල් 20,000.00ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක යෙදීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි සඳහන් කළේ එම උද්ඝෝෂණය හෙට (30) දහවල් 12.00ට පවත්වන බවයි.

එහි දී කළමනාකරණ සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සියලුම කාර්යාල සේවා නිලධාරීන්, පළාත් රාජ්‍ය සේවා ඇතුළු වෘත්තීන් රැසක නිලධාරීන් එක්වන බව ද ඔහු කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!