25.1 C
Galle

මෛත්‍රී ඇතුළු පිරිසකගේ වත්කම්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති  පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන පිරිසගේ වත්කම් හා බැබරකම් පිළිබඳ තොරතුරු දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දිය සම්පූර්ණයෙන් ම ගෙවා නිමකිරීමට ඔවුන් අපොහාසත් වීම හේතුවෙන් මෙම නියෝගය පනවා ඇත.

එම වත්කම් බැරකම් තොරතුරු දෙසැම්බර් 30 වැනි දිනට පෙර ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

එමෙන් ම රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් ද දෙසැම්බර් මස 30 වැනි දාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන්න යැයි නීතිපතිවරයාට නියම කර තිබේ.

අද (02) මෙම නියෝග පනවන ලද්දේ පාස්කු ප්‍රහාරයට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් කැඳවූ අවස්ථාවේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!