31.6 C
Galle

නේපාල භූමිකම්පාවෙන් රටවල් තුනක් හෙල්ලෙයි, 128ක් මරුට

Published:

නේපාලයේ සිදු වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 128 දෙනකු මියගොස් ඇති බවත් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඒපී පුවත් සේවය වාර්තා කරයි.

වයඹදිග නේපාලයේ දිමේ නගරයට කිලෝමීටර 06ක් නුදුරින් ඊයේ (04) රාත්‍රී 11.32ට රිච්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර එහි කම්පනය ඉන්දියාවට සහ චීනයට ද දැනී ඇතැයි වාර්තා වේ.

භූමිකම්පාත් සමඟ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර ප්‍රදේශ කිහිපයක නායයාම් සහ කඳු කඩාවැටීම්‍ හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී විදුලිය සහ සන්නිවේදන සම්බන්ධතා ද බිඳ වැටී තිබේ.

ගලවාගැනීමේ කණ්ඩායම මෙම ප්‍රදේශවලට ගොස් ඇති අතර හෙලිකොප්ටර් යානා රැසක් ද ඒ සඳහා යොදාගෙන ඇත. තුවාල ලැබූවන් බේරාගැනීමටත්, මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සෙවීමටත් සුන්බුන් ඉවත්කරමින් සිටින බව ද පොලිස් ප්‍රකාශක පවසා ඇත.

https://apnews.com/article/nepal-indian-earthquake-47b0b262ed1aa26957285dd1a55699fb

Related articles

spot_img
error: Content is protected !!