25.1 C
Galle

ලිට්‍රෝ ගෑස්, නව මිල මෙන්න

Published:

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පහත සඳහන් පරිදි වැඩිකිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 95.00කින් ඉහළ දමයි. ඒ අනුව එහි නව මිල රුපියල් 3,565.00කි.  කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38.00කින් වැඩිකරන බැවින් එහි නව මිල රුපියල් 1,431.00කි. කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 18.00කින් ඉහළ දමන බැවින් එහි නව මිල රුපියල් 668.00

ඒ අනුව ගෑස් සිලින්ඩරවල නව මිල

කිලෝ ග්‍රෑම් 12.5 – රුපියල් 3.5565.00

කිලෝ ග්‍රෑම් 05 – රුපියල් 1,431.00

කිලෝ ග්‍රෑම් 2.3 – රුපියල් 668.00

(මෙම සියලු මිල ගණන් කොළඹ නගරයට වන අතර රටෙහි වෙනත් පළාත්වල ගෑස් අළෙවි කිරීමේ දී එයට ප්‍රවාහන ගාස්තුවක් ද ඇතුළත් වන බැවින් මිල ගණන් වෙනස් වෙයි)

Related articles

spot_img
error: Content is protected !!