25.4 C
Galle

හිමිකරුවෙක් නැති, අරක්කු නිෂ්පාදනාගාරයක් වටලයි

Published:

අයිතිකරුවකු සොයාගත නොහැකි, බලපත්‍ර නොමැති අරක්කු නිෂ්පාදනාගාරයක් දොම්පේ කළුකොළදයාව ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය පවසයි.

මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මෙම අරක්කු නිෂ්පාදනාගාරය වටලන අවස්ථාවේ දී අරක්කු බෝතල් 6,000කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීවේය. එමෙන්ම අරක්කු කාලේ බෝතල් ද විශාල ප්‍රමාණයක් තිබී හමු වී ඇති අතර, ලොරි රථ දෙකක් අරක්කු පිරවීමේ යන්ත්‍ර, හිස් බෝතල්, ලේබල් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.

දොම්පේ පොලිසිය පවසන්නේ මෙම අරක්කු නිෂ්පාදනාගාරය කවර පුද්ගලයකුට අයත්ද යන්න සොයා ගැනීමට විමර්ශන සිදුකරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!