25.4 C
Galle

රන් වංචා‍ව නිසා, පුත්තලම මන්ත්‍රී පක්ෂයෙන් නෙරපයි

Published:

ඩුබායි සිට නීති විරෝධී ලෙස රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ බවට චෝදනා එල්ල වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබේ.

ඔහු මෙම රත්තරන් සහ ජංගම දුරකථන තොගය රැගෙන එන ලද්දේ ඩුබායි සිටය. එම භාණ්ඩ රාජසන්කත කළ අතර රේගුව විසින් මන්ත්‍රීවරයා දඩ මුදලකට යටත්කොට නිදහස් කර තිබිණි.

මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවීමත් සමඟ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ද අහිමිවනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!